ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

by Staff writer 17-10-2022 | 7:17 AM

COLOMBO(News 1st) –  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි..
 
මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ ඉදිරි වැසි සමග ගංගා ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි.
 
මේ අතර, දිස්ත්‍රික්ක 11කට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 15,632කට අයත් පුද්ගලයින් 61,792 ක් පීඩාවට පත්ව සිටී. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 1661කට අයත් පුද්ගලයින් 5460 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 33ක රඳවා සිටින බවයි.

ආපදා තත්ත්වයෙන් නිවාස 5කට පූර්ණ හානි සිදුවිය. 

අර්ධ හානි වී ඇති නිවාස සංඛ්‍යාව 207 කි.

මේ අතර, ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ ය.