.webp)
COLOMBO (News 1st) – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ තරග 2ක් ඔස්ට්‍රේලියාවේ හෝබාට්හිදී අද (17) පැවැත්වෙයි.
එහි පළමු තරගය පැවැත්වෙන්නේ, ස්කොට්ලන්තය සහ අවස්ථා දෙකකදී 20යි 20 ක්‍රිකට් ලෝක කිරුළ දිනා සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.
පන්දුවාර 20යි 20 ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර ස්කොට්ලන්තයට 15 වැනි ස්ථානය හිමිව තිබේ.
මෙම කණ්ඩායම් පන්දුවාර 20යි 20 තරගයකදී හමුවන පළමු අවස්ථාව මෙය වන අතර, මෙම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය.
මේ අතර , අද දිනයට නියමිත දෙවැනි තරගය අයර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙයි.
සිම්බාබ්වේ කණ්ඩායම 20යි 20 අන්තර් ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව 11 වැනි ස්ථානයේ පසු වන අතර එහි 12වැනි ස්ථානයේ රැඳී සිටින්නේ අයර්ලන්තයයි.
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 8න් තරග 5ක් අයර්ලන්තය ජය ගත්තේ ය.
අනෙක් තරග 3 ජය ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි.
මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.