අහුංගල්ලේ වෙඩි තැබීම: සැකකරුවන් දෙදෙනෙකු කොටු

අහුංගල්ලේ වෙඩි තැබීම: සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 17-10-2022 | 4:30 PM

COLOMBO (News 1st) - අහුංගල්ලේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මීගහතැන්න ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අහුංගල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ටී 56 වර්ගයේ ගිනි අවියක් ලබාදී එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පසුගිය 16 වැනි දා කිලිනොච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහතැන්න හා මැල්සිරිපුර ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීම නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

පසුගිය 12 වැනි දා අහුංගල්ලේදී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කර තිබුණි.