.webp)
COLOMBO (News 1st) - නාවලපිටියේ පැවති විරෝධයක් අතරතුර පුද්ගලයින් 15 දෙනෙක් පොලිස් භාරයට ගෙන ඇතැයි අප වාර්තාකරු පවසයි.
අද (16) පෙරවරුවේ මේ විරෝධය පැවැත්වූයේ නාවලපිටිය නගරයේදීය.
අප වාර්තාකරු සඳහන් කළේ, විරෝධතාව අතරතුර ඊට සහභාගි වූ පුද්ගලයින් 15 දෙනෙක් පොලිස් භාරයට ගත් බවය.
මේ පිළිබදව අප කළ විමසීමකදී නාවලපිටිය පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.
පොලිස් භාරයට ගත් පිරිස අතර, නාවලපිටිය සමගි ජනබලවේග ආසන සංවිධායකවරයා ද වන බව අප වාර්තාකරු පැවසුවේ ය.