.webp)
COLOMBO (News 1st) – නාවලපිටියේ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 15 දෙනා ශරීර ඇපමත මුදා හැර තිබේ.
අද (16) පෙරවරුවේ එම විරෝධය පැවැත්වූයේ නාවලපිටිය නගරයේදීය.
විරෝධතාව අතරතුර ඊට සහභාගි වූ පුද්ගලයින් 15 දෙනෙක් පොලිස් භාරයට ගත්තේය.
මේ පිළිබදව අප කළ විමසීමකදී නාවලපිටිය පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.
පොලිස් භාරයට ගත් පිරිස අතර, නාවලපිටිය සමගි ජනබලවේග ආසන සංවිධායකවරයා ද සිටියේය.