.webp)
COLOMBO (News 1st) - චීන ජනපති ෂී ජින්පිංග් , උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත ලිපියක් යවා තිබේ.
එම ලිපිය යොමු කර ඇත්තේ , පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික සම්මේලනය ආරම්භ වීමට පෙරයි.
දෙරට අතර සන්නිවේදන සබඳතා සහ සහයෝගීතාවය පුළුල් කර ගැනීමට කටයුතු කරන්නැයි චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාගෙන් ඉල්ලා තිබේ.
ඔහු සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ, දෙරට අතර සබඳතා පුළුල් කර ගැනීම අන් කවරදාටත් වඩා වැදගත් වන බවයි.