රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරනවා - දසුන්

ඊළඟ තරග දෙක ජය අරන් රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරනවා - දසුන් ශානක

by Staff writer 16-10-2022 | 6:21 PM

COLOMBO (News 1st) – තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඉදිරි තරග දෙක ජයගෙන රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. 

දසුන් එම අදහස් පළ කළේ, අද පැවති තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක 

''චරිත් අසංලක ඉන්නවා. ඔහු ගියපාර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත්ත ක්‍රීඩකයා. ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා ඊළග අවස්ථාවලදී ඉදිරියට ඇවිල්ලා ක්‍රීඩා කරලා හොඳින් කරන්න. ලෝක කුසලානයක් කියන්නේ අනිවාර්යෙන්ම චැලෙන්ජ් එක වැඩියි. කන්ඩිෂන්ස් වෙනස්. ඉතිං මං හිතනවා අපිට කන්ඩිෂන්ස්වලට හරියන ක්‍රීඩකයෝ ඉන්නවා. එකම දේ අපි ඒ දවසේ හරියට පර්ෆෝම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ තරග දෙක ජයග්‍රහණය කරලා ඉස්සරහට ගිහිල්ලා හොඳට තරගාවලිය ක්‍රීඩා කරලා රට ජයග්‍රහණය කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ. 

මෙවර පන්දුවාර 20 යි 20 යි ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගය ශ්‍රී ලංකාව පරදා ලකුණු 55කින් ජය ගැනීමට ගැනීමට නැමීබියාව සමත් විය.

⁣පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.