.webp)
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගය නැමීබියාව අද ලකුණු 55 කින් ජය ගත්තේය.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නැමීබියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි.
නායක ගෙර්හාඩ් ඉරැස්මස් සහ ස්ටීවන් බරාඩ් අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 41යි.
ජෑන් ෆ්‍රීලින්ක් පන්දු 28 කදී ලකුණු 44 ක් රැස් කළේය.
ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 4 ලකුණු 40කදී බිඳ වැටුණි.
කුසල් මෙන්ඩිස් ලකුණු 6කට පිටියෙන් ඉවත් වූ අතර ධනුෂ්ක ගුණතිලකට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.
නායක දසුන් ශානක ලකුණු 29 ක් රැස් කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 20 යි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලුදෙනා පන්දුවාර 19 ක් අවසානයේ ලකුණු 108කට දැවී ගියේය.
ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ලබන 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැත්වීමට නියමිතය.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය