ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට..

ශ්‍රී ලංකාව පැරද වූ ඉන්දියාව ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගනී..

by Staff writer 15-10-2022 | 5:07 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 14කට පසුව අද (15)  ආසියානු ක්‍රිකට් අනු ශූරයින් බවට පත් විය.

තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

සිලෙට්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 65ක් පමණි. 

ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු 8, ලකුණු 32කදී බිඳ වැටුණි.

ඉන්දියාව වෙනුවෙන් රේනුකා සිං කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි,  ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 8යි පන්දු 3ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී පහසුවෙන් නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.

ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය ස්ම්‍රිති මන්දනා අර්ධ ශතයක් රැස්කීරීමට සමත් වූ අතර, ඒ  වෙනුවෙන් ඇය වැය කළේ පන්දු 25ක් පමණි.

හර්මන් ප්‍රීට් කෞර් නොදැවී ලකුණු 11 ක් රැස් කරගෙන සිටියේය. 

ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය දිනූ 7 වැනි අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් අනුශූරතාව දිනූ සිව්වැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් පන්දුවාර 20යි 20 ආකෘතියේ අනු ශූරතාවට හිමිකම් කී පළමු අවස්ථාව මෙයයි.