.webp)
කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් අරවින්ද අමරසේකර මහතා සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අලුත්ගම - මතුගම මාර්ගය අඩි එකහාමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවය.
මේ හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනයට බාධා මතුව ඇත.
කුකුළේ ගඟ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෝල්කාව - බුලත්සිංහල මාර්ගය පරගොඩ ප්‍රදේශයෙන් අඩි 10 ක් පමණ ජලයෙන් යට වී තිබේ.
මීට අමතරව වලල්ලාවිට - අවිත්තාව මාර්ගය, වලල්ලාවිට - පැලවත්ත මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් ද ජලයෙන් යටවී ඇති බව ලුතිනන් කර්නල් අරවින්ද අමරසේකර මහතා පැවසුවේ ය.
ගම්පහ දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, කොළඹ - බියගම පාර පටිට්විල ජල පවිත්‍රාගාරය අසළින් ජලයෙන් යටවී ඇති බවයි.
බියගම - මල්වාන පාර ද මේ වනවිට ජලයෙන් යටවී ඇති බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
මේ අතර කොළඹ දිස්ත්‍රික් ඔරුගොඩවත්ත, කොටුවිල ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.