පස් කන්දට යට වූ පුත්‍රයාගේ සිරුරත් හමුවෙයි

වරකාපොළ පස් කන්දට යට වූ 24 හැවිරිදි පුත්‍රයාගේ සිරුරත් හමුවෙයි

by Staff writer 15-10-2022 | 10:32 AM

COLOMBO (News 1st) - වරකාපොළ, තුඹලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිරවී සිටි පුත්‍රයාගේ සිරුර සොයාගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ක කළ මෙහෙයුමේදී පස් කන්දට සිරවී සිටි 24 හැවිරිදි පුත්‍රයාගේ සිරුර සොයාගත් බවයි.

පස් කන්දට සිරවී සිටි 48 හැවිරිදි මවගේ සිරුර අද අලුයම සොයා ගැනිණි.

නිවසේ සුන්බුන්වලට සිරවී සිටි පියා සොයාගෙන රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් ඊයේ(14) සමත් විය.