මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

by Staff writer 15-10-2022 | 12:07 PM

COLOMBO (News 1st) - මහියංගනය, මාපාකඩ වැවේ ගිලීමෙන් වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, මහියංගනය හා කරවනැල්ල රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපාකඩ වැවේ දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී ඇති බවයි.

ප්‍රදේශවාසීන් විසින් ඔහු මුදාගෙන මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ, දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහියංගනය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි.