කිඹුලාඇලේ ගුණාගේ ප්‍රධාන සාමාජිකයෙක් කොටු

කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන සාමාජිකයෙක් අත්අඩංගුවට

by Staff writer 15-10-2022 | 11:58 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ග්‍රැන්ඩ්පාස්හි පින්තු නිවස, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඒ අතර සිටි මෝදර පදිංචි 40 හැවිරිදි පුද්ගලයා කිඹුලාඇලේ ගුණා නැමැත්තාගේ ගෝලයෙකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 100 ක් සොයා ගැනිණි.

මේ අතර ඔහු සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරු සන්තකයේ ද තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 150 සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ අටකට ආසන්නයි.