සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරනවා

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරනවා - කංචන විජේසේකර

by Staff writer 14-10-2022 | 3:18 PM

COLOMBO (News 1st) - සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වර්ෂාපතනයත් සමග ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවය.

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට මේ වනවිට තද වැසි ඇඳ හැළෙමින් පවතී. 

මේ හේතුවෙන් ඉදිරියේදී අවම කාල සීමාවකට විදුලි කප්පාදුව සිදු කිරීමට හැකිවෙතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.