මහ කන්නයේ හෙක්ටයාරයකට යූරියා කිලෝ 176 ක්

වී ගොවීන්ට මහ කන්නයේ හෙක්ටයාරයකට යූරියා කිලෝ 176 ක් - මහින්ද අමරවීර

by Staff writer 14-10-2022 | 4:28 PM

COLOMBO (News 1st) - මෙවර මහ කන්නයේදී වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් ලබාදීමට නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී වගා ණය නිකුත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

යල කන්නයේදී වී ගොවීන්ට පොහොර ලබාදුන්නේ, හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 100 ක් ලෙසය.

එහෙත්, මෙවර මහ කන්නයේදී 70% ක් රසායනික පොහොර සහ 30% ක් කාබනික පොහොර යෙදීමට තීරණය විය.

ඒ අනුව මහ කන්නයේදී වී ගොවීන්ට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් ලබාදීමට නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, පොළොන්නරුව වැනි ගොවි ජනපදවල එක් ගොවියෙකුට කුඹුරු හෙක්ටයාර දෙක බැගින් පැවතීම හේතුවෙන් යූරියා පොහොර කිලෝග්‍රෑම් 352 ක් හිමිවන බවයි.