වරකාපොළ පස් කන්දට යට වූවන් සොයා මෙහෙයුම්

වරකාපොළ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිර වූ තිදෙනෙක් සොයා මෙහෙයුම්

by Staff writer 14-10-2022 | 6:07 PM

COLOMBO (News 1st) - වරකාපොළ, අඟුරුවැල්ල පාරේ තුඹලියද්ද ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිර වූ පුද්ගලයින් තිදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව එක්ව සිටින බවයි.

අද (14) පස්වරුවේ ඇති වූ අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය.