මුදල් රාජ්‍ය ඇමති සහ මාර්ටින් රයිසර් අතර සාකච්ඡාවක

මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති අතර සාකච්ඡාවක්

by Staff writer 14-10-2022 | 4:19 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා ඇති විකල්ප පිළිබඳ සාකච්ඡාවක නිරත ව තිබේ. 

මෙම සාකච්ඡාවේදී මූලික අවධානය යොමු වී ඇත්තේ, ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාගැනීමේ ඇති හැකියාව පිළිබඳවයි.  

වත්මන් මූල්‍ය අර්බුදය හමුවේ ණය ආපසු ගෙවීමට ඇති හැකියාව පහළ යාම හේතුවෙන් ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) මගින් ණය පහසුකම් ලබා ගැනීමට ලංකාව තවදුරටත් හිමිකම් නොලබයි.

ඒ හේතුවෙන් සහනදායී ණය පහසුකම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) හි සහය අපේක්ෂා කළ යුතු බවට එම සාකච්ඡාවේදී අවධානය යොමු විය.