නාවිකයින් 6ක් සමග යාත්‍රාවක් අතුරුදන්

නාවිකයින් 6ක් සමග යාත්‍රාවක් අතුරුදන්

by Staff writer 14-10-2022 | 8:39 PM

COLOMBO (News 1st) - සැකකටයුතු යාත්‍රා පරීක්ෂා කිරීම සඳහා දකුණු මුහුදු තීරයේ මෙහෙයුම්වල නිරතව සිටි නාවිකයින් 6 දෙනකු සමග යාත්‍රාවක් දින 20 ක පමණ කාලයක සිට අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, පසුගිය 16 වැනි දා ඔවුන් මෙහෙයුමක් සඳහා දකුණු මුහුදු තීරයට ගොස් ඇති බවයි.

එහෙත්, 17 වැනි දා සිට අදාළ නාවික යාත්‍රාව හා පැවති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී ඇතැයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එලෙස අතුරුදන්ව ඇත්තේ, දකුණු නාවික විධානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පිරිසකි.

නාවික හමුදාව මෙතෙක් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත.