.webp)
ඒ, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනුකළ නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය.
වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනුකර තිබූ නඩුවකදී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ විනිසුරුවරිය එම නියෝගය නිකුත් කළා ය.
විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළේ ඔවුන් දෙදෙනා ඇතුලු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතිසී යැවීමටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මධ්‍යම කාරක සභා සාමාජික, දේශපාලන මණ්ඩල සාමාජික සහ බදුල්ල දිස්ත්‍රික් නායක ඇතුළු තමන් දැරූ සියලු තනතුරු තවමත් දරන බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා නඩුවෙන් ඉල්ලා තිබේ.