නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත 15ක් දැලේ..

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත 15ක් දැලේ..

by Staff writer 13-10-2022 | 3:22 PM

COLOMBO (News 1st) – තහනම් දැල් භාවිත කරමින් නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. 

ඒ, යාපනය පේදුරුතුඩුව, අම්පන් සහ චුන්ඩිකුලම් යන මුහුදු ප්‍රදේශවලදී ය.

ඩිංගි යාත්‍රා 6ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදී තිබේ. 

වසරේ මේ දක්වා කාලය තුළ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවීමේදී නාවික හමුදා භාරයට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 396 කි.