කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දිනය අදයි

නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දිනය අදයි

by Staff writer 13-10-2022 | 7:02 AM

COLOMBO (News 1st) - නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දිනය අදට (13) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් අද (13) පැවැත්වෙන්නේ මතුගම, ඉත්තෑපාන ගලතර සණස ශ්‍රවණාගාරයේදීය.

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කළේ, 1940 දශකයේදී ය.

මෙරට සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන්ට අධ්‍යාපනය නිදහසේ ලබා ගැනීම සඳහා මහඟු අවස්ථාවක් හිමි කර දුන් කන්නන්ගර මහතා මෙලොව එළිය දුටුවේ, 1884 වසරේ ඔක්තෝබර් මස 13 වන දා ය.

ඔහු ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.