දුම්රිය ආරක්ෂාව දැඩි කෙරේ

දුම්රිය ආරක්ෂාව දැඩි කෙරේ

by Staff writer 12-10-2022 | 6:59 AM

COLOMBO (News 1st) - දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්. ගුණසිංහ මහතා පැවසු‍වේ, දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා ප්‍ර‍වේශ පත්‍ර පරීක්ෂකයින්ට ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව කෙටි ගමන් සේවා දුම්රිය අහඹු ලෙස පරීක්ෂා කිරීමට නියමිතය.

දුර ගමන් සේවා දුම්රියවලට දුම්රිය ආරක්ෂක නිලධාරීන් ‍යොදවා ඇති බව ද ඔහු පැවසුවේ ය.

මෑත කාලයේ දුම්රිය මගින්ගේ මුදල් හා ස්වර්ණාභරණ පැහැර ගැනීමේ සිද්ධි රැසක් වර්තා වීමත් සමග නව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකායෙන් ද සහය ඉල්ලා තිබේ.