චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

by Staff writer 12-10-2022 | 10:02 AM

News 1st - බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි 6 වැනි දා සිදු කෙරෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 900කට වඩා පැරණි දීර්ඝ සම්ප්‍රදායකට අනුව 73 හැවිරිදි චාල්ස් රජු ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී නිල වශයෙන් කිරුළු පැළඳීමට නියමිතව ඇති බවය.

රජුගේ භාර්යාව වන 75 හැවිරිදි කැමිලා රැජිණ ද කිරුළු පැළඳීමට නියමිත බව මාළිගය තහවුරු කළේ ය.

පසුගිය සැප්තැම්බර් 8 වැනි දා එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුලව චාල්ස් කුමරු එරට රජු ලෙස නම් කරනු ලැබුවේ ය.