කෝටියකට අධික මුදල් වංචාවක් කළ අයෙක් කොටු

තෑගි ලබා දෙන පවසා රු. කෝටියකට වැඩි මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

by Staff writer 12-10-2022 | 6:50 AM

COLOMBO (News 1st) - රුපියල් එක් කෝටි 16 ලක්ෂ 27, 175 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

සැකකරු සමාජ මාධ්‍ය භාවිත කරමින් තෑගි ලබා දෙන පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා එම මුදල් බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇතැයි පොලීසිය පැවසීය. 

30 හැවිරිදි සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.