පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33ක ජයක්

by Staff writer 11-10-2022 | 7:07 PM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පුහුණු තරගය,  ලකුණු 33 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ ක්‍රීඩකයින් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 188කි.

කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 54 ක් රැස් කළේ ය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග හතරේ පහර 4 ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 14 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 37 කි.

ලකුණු 189 ක ඉලක්කයන් හඹා ගිය සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 155 ක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වෙස්ලි මධවේරේ ලකුණු 43 ක් රැස් කළේ ය.

මහීෂ් තීක්ෂණ ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.

චාමික කරුණාරත්න ලකුණු 26 කට  කඩුලු 2 යි.