.webp)
COLOMBO (News 1st) - ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් සහ කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,300වන අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,120 ලෙස නව මිල සටහන් වනු ඇති.