.webp)
සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඔහුට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධ ගොනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමාදය හේතුවෙන් මෙරටින් ඩුබායි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් එලෙස මුදාහැර ඇති බවය.
අපරාධ දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික මධ්‍යම කාර්යාංශය නිකුත් කළ රතු නිවේදනවලට අනුව පසුගිය අගෝස්තු මස 19 වැනි දා ඩුබායි රාජ්‍යයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඉහත සඳහන් පුද්ගලයා මෙරටට ගෙන්වා දෙන්නැයි ඉල්ලමින් සැප්තැම්බර් 12 දිනැති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ලිපිය ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත භාරදී තිබුණි.
අනතුරුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සකස් කළ ලිපිය සහ ඊට අදාළ ලේඛන පසුගිය 13 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ නීති නිලධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී තිබේ.
අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලා ඇත්තේ සැප්තැම්බර් 14 වැනි දායි.
සැප්තැම්බර් 26 වැනි දා ඊට අදාළ නීතිපති උපදෙස් ලැබී තිබුණි.
ඒ අනුව සැකකරු නිදහස් නොකරන ලෙස දන්වමින් සැප්තැම්බර් 30 වැනි දා කරන ලද ඉල්ලීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කරන්නැයි එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.
ඒ අනුව ලිපි ලේඛන ප්‍රමාදවීමකින් තොරව පැය 24 කට අඩු කාලයකදී විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කළේ ය.
එවැනි දරුණු ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම්දෙන්නේ මුද්‍රිත හා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන එවැනි පදනම් විරහිත අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසයි.