වසර 31කට පසු හෙළි වූ අභිරහස

පිය-පුතු ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් වසර 31කට පසු අත්අඩංගුවට

by Staff writer 08-10-2022 | 8:16 AM

COLOMBO (News 1st) - මහරගම හා පානදුර ප්‍රදේශවලදී පිය-පුතු දෙපළක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වසර 31කට පසු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ ඝාතන දෙක සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

එම ඝාතනවලට අදාළව මොල්ලිගොඩ, වාද්දුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරුවෙකු ද ඊයේ (07) අත්අඩංගුවට ගැනිණි.

පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු පුද්ගලයින් කිහිපදෙනෙකු සමග මත්පැන් සාදයක් පවත්වා එම සාදය අතරතුර පානදුර ජනප්‍රිය මාවතේ පදිංචි පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර මළ සිරුර බොල්ගොඩ ගඟ අසළ මඩ වඟුරක දමා ගොස් තිබූ බවයි.

1991 වසරේදී මහරගම නාවින්න හා පානදුර ජනප්‍රිය මාවතේ පදිංචි එම පිය-පුතු දෙපළ ඝාතනයට ලක්ව තිබුණි.