.webp)
පොලීසිය පැවසුවේ, මොරටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6 ක් හා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග 21 හැවිරිදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අදාළ ඝාතනය විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙහෙයවා තිබේ.
පොලීසිය පැවසුවේ, ඩුබායි සිටින වෙනත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු කළ දැනුම්දීමකට අනුව එම ඝාතන සිදු කිරීමෙන් පසු වෙඩික්කරුවන් ප්‍රවාහනය හා වෙඩි තැබීම සඳහා යොදගන්නා ලද ගිනි අවිය සැඟවීමට සැකකරු ආධාර අනුබල ලබාදී ඇති බවයි.
පසුගිය ජුනි 29 වැනි දා අදාළ ඝාතන සිදුව තිබුණි.