ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක්

ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක්

by Staff writer 08-10-2022 | 7:19 AM

COLOMBO (News 1st) - පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය හැකි බවයි.

පකිස්ථානයේ ටෙහෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත් අත්අඩංගුවේ පසුවන බව ද එම වාර්තාවල සඳහන් ය.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු පවරන්නැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නියෝගයක් ද නිකුත් කර ඇති බවයි.

ටෙහෙරික් ඉ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානියෙකු ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ සයිබර් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීතිවිරෝධී අරමුදල් රැස්කිරීම සඳහා භාවිත කරන 'අනවසර' වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනාව මත බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.