2022 ශිෂ්‍යත්වය සහ උ/ පෙළ විභාගය කල් දැමේ

2022 ශිෂ්‍යත්වය සහ උ/ පෙළ විභාගය කල් දැමේ

by Staff writer 07-10-2022 | 7:04 PM

COLOMBO (News 1st) - 2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය කල් දමා තිබේ.

ඒ අනුව දෙසැම්බර් මස 04 වැනි දා පැවැත්වීමට සැලසුම් කර තිබු ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි දින දක්වා කල්දමා ඇත.

මේ අතර අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වැනි දා දක්වා කල්දමා තිබේ.

එය ජනවාරි 23 සිට පෙබරවාරි මස 17 දක්වා පැවැත්වෙනු ඇති.