සඳුදා තෙක් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට සිට ලබන 10 වැනි දා දක්වා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

by Staff writer 07-10-2022 | 4:38 PM

COLOMBO (News 1st) - හෙට (08) සිට ලබන 10 වැනි දා දක්වා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A සිට L දක්වා කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රි කාලයේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

P සිට W දක්වා කලාපවලට ද දිවා කාලයේ පැයක් විදුලිය කප්පාදු කෙරෙන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20 කි.