විශාලතම ප්‍රශ්නය සමාජ මාධ්‍යයෙන් - ජනපති මාධ්‍ය ලේකම්වරුන්ට කියයි

by Staff writer 07-10-2022 | 7:00 PM

COLOMBO (News 1st) - හොඳ නරක දෙකම ඇති නිසා විශාලතම ප්‍රශ්නය සමාජ මාධ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවකට සහභාගී වෙමිනි.

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවට ජනාධිපතිවරයා අද සහභාගී වුණේ පෙර දැනුම්දීමකින් තොරවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 

මම මෙතන්ට ආවේ කතාවක් කරන්න නෙවෙයි දැන් මං කතාකලා ඇති කතාවේ එකේ හරය දැන් යවන්න තියෙන්නේ ආණ්ඩුව කරන වැඩ කටයුතු රටට දන්වන්න තියනවා. හැම මට්ටමම දැනගන්න ඕන මොකක්ද ආණ්ඩුව කරන්නේ කියලා. අපි යන්නේ හුඟාක් ආමාරු කාලයකට ඒකෙන් අපි ගොඩ එන්න ඕන.  රටේ අස්ථාවරභාවය තිබ්බොත් ගොඩ එන්න බැහැ. විද්‍යුත් මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍යයෙන් පමණක් නෙවෙයි විශාලම ප්‍රශ්නේ තියෙන්නේ සමාජ මාධ්‍යයෙන්.  හොඳයි නරකයි දෙකම එනවා. ඔබ වගකීම් ඉෂ්ට කරන්නේ නැත්තම් තවත් අරගලයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ප්‍රචාරය නැතුව ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ.