රැඳවුම් නියෝග මත සිටි හෂාන් ජීවන්ත මුදා හැරේ

රැඳවුම් නියෝග මත සිටි හෂාන් ජීවන්ත මුදා හැරේ

by Staff writer 07-10-2022 | 6:02 PM

COLOMBO (News 1st) - රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි හෂාන් ජීවන්ත මුදා හැරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටිමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. 

ඔහු මුදා හරින්නැයි ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

හෂාන් ජීවන්ත වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි ඇතුළු නීතිඥවරු කිහිපදෙනෙක්ම පෙනී සිටියහ. 

මේ අතර සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරින් ඇතුළු 82 දෙදෙනෙකු සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ ජනවාරි 25 වැනි දා දක්වා කල් තැබුණි.

ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, සමාජවාදී තරුණ සංගමය මරදාන ප්‍රදේශයේ පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයකදී හා විරෝධතා පා ගමනකදී පොලිස් අණ නොතකා කටයුතු කළේ යැයි චෝදනා කරමිනි.