රබර් කර්මාන්තය අර්බුදයක

රබර් කර්මාන්තය අර්බුදයක

by Staff writer 07-10-2022 | 8:27 AM

COLOMBO (News 1st) - ප්‍රදේශ රැසක රබර් නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවා ඇති බව රබර් වගාකරුවන් පවසයි.

ඔවුන් සඳහන් කරන්නේ, මේ හේතුවෙත් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි.

ඉන් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ කළුතර ඇතුළු රබර් බහුල ලෙස වගා කර ඇති දිස්ත්‍රික්කවල රබර් වගාකරුවන්ටයි.

ඔවුන් පෙන්වා දෙන්නේ රබර් මිල ගණන්ද සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවය.

මේ පිළිබඳව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාධව වර්ණකුලසූරිය මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළ අතර එම මහතා සඳහන් කළේ, රබර් සඳහා වන ඉල්ලුම අඩුවීමට හේතු කිහිපයක් බලපා ඇති බවයි.

පවතින තත්ත්වය හේතුවෙන් ගොවීන් සතුව රබර් ‍මෙට්‍රික් ටොන් 150කට අධික තොගයක් අලෙවි කර ගැනීමට ‍නොහැකිව ඇති බවද රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ගොවීන් සතුව ඇති රබර් තොග මිලදී  ගැනීම සඳහා වි‍ශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවය.