කෘෂිකර්ම ඇමතිගෙන් පණිවුඩයක්

මහ කන්නයට ලබාදෙන පොහොර ගැන කෘෂිකර්ම ඇමතිගෙන් පණිවුඩයක්

by Staff writer 07-10-2022 | 5:20 PM

COLOMBO (News 1st) - කාබනික පොහොර ලෙස වැව්වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙවර මහ කන්නයේ දී 70% ක් රසායනික පොහොරත්, 30% ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. 

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවයි.

ඉදිරි මහ කන්නයේ දී වී වගාවට කාබනික පොහොර යොදන ගොවීන් සඳහා රුපියල් 20,000 ක සහනාධාරයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

යුරියා පොහොර භාවිත කරන ගොවීන්ට වෙනම සහනාධාරයක් ලබා නොදෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.