.webp)
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මෙවර මහ කන්නයේ දී 70% ක් රසායනික පොහොරත්, 30% ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවයි.
ඉදිරි මහ කන්නයේ දී වී වගාවට කාබනික පොහොර යොදන ගොවීන් සඳහා රුපියල් 20,000 ක සහනාධාරයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
යුරියා පොහොර භාවිත කරන ගොවීන්ට වෙනම සහනාධාරයක් ලබා නොදෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.