.webp)
පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කළේ, අලි සබ්රි රහීම් මහතායි.
මෙහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සමාජික මන්ත්‍රීවරුන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.
සමාජික මන්ත්‍රීවරුන් එහිදී එකඟ වී ඇත්තේ, රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍යය ප්‍රතිපත්ති, අධ්‍යපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීමට අදාළ ක්ෂේත්රයන්හි විශේෂඥයින් අනුකමිටුව හමුවට කැඳවීමටයි.
එම අදහස් හා යෝජනා අනුව කෙටි කාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යම කාලීන යෝජනා මාස දෙකක් ඇතුළතත් දීර්ඝ කාලීන යෝජනා මාස 3 ක් අතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට අනුකමිටු සාමාජිකයින් එකඟවී තිබේ.