දුම්රියට පැන්න කොල්ලකරුවන්

තියුණු ආයුධයකින් පහර දී දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි

by Staff writer 07-10-2022 | 7:45 AM

COLOMBO (News 1st) - තියුණු  ආයුධයකින් පහර දී කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා ධාවනය වූ දුම්රියේ සිටි අඹුසැමි යුවලකගේ රන් මාලය සහ  මුදල් රුපියල් ලක්ෂ 2 ක් කොල්ලකා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (06) අලුයම කොල්ලකරුවන් දෙදෙනෙකු දුම්රියට ගොඩවී ඇති බවයි.

කොල්ලකරුවන්  දුම්රියේ ගමන්ගත් කාන්තාවගේ සැමියාට තියුණු  ආයුධයකින් පහරදී  බියගන්වා රුපියල් ලක්ෂ 02 ක් හා කාන්තාවගේ ගෙලබැඳි  රන් මාලය කොල්ලකා අඟුලානේදි දුම්රියෙන් බැස පලාගොස් ඇත.

පලායෑමට උත්සාහ කළ එක් සැකකරුවෙකු  දුම්රියෙන් අඳවැටි සිටි අවස්ථාවේදී  අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. 

අත්අඩංගුවට පත් සැකකරු,මොරටුව කොරලවැල්ලේ පදිංචි මත්කුඩු පානයට ඇබ්බැහි වූවෙකු බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, කොල්ලකරුවන් පහරදීමෙන් සැමියාගේ අතෙහි ඇගිල්ලකට තුවාල සිදුව ඇති බවය.

තුවාල ලැබූ  පුද්ගලයා පසුව පානදුර රෝහලට ගොස් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.