මහින්ද, බැසිල්, කබ්රාල් ඇතුළු 39ක් වගඋත්තරකරුවන් කළ පෙත්සම් 02ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

කර්තෘ Staff writer

07 Oct, 2022 | 11:33 am

COLOMBO (News 1st) – හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන  අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින්  ගොනු කර තිබූ  මූලික අයිතිවාසිකම් පෙත්සම 02 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර දුන්නේ ය.

පෙත්සම් ගොනුකර ඇත්තේ, අක්‍රමවත් මූල්‍ය කළමණාකරණය හේතුවෙන් අප රට තුළ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලමිනි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දින ගණනාවක් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ඒවා විභාගය සඳහා විනිසුරු මඬුල්ල අද  අවසර ලබා දුන්නේ ය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]