.webp)
COLOMBO (News 1st) - මෙරට ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එහි ආහාර පාලන ඒකකය සඳහන් කළේ, මේ යටතේ ආනයනික හා දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයාබලන බවයි.
අත්‍යවශ්‍ය ආහාර වර්ග 25කට අධික සංඛ්‍යාවක් මෙම සමීක්ෂණය සඳහා තෝරා ගන්නා බව ද එම ඒකකය පැවසුවේය.
ඒවායේ සාම්පල ලබා ගැනීම ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවූ අතර, ඒ පිළිබඳ සලකා බලා මෙම තීරණයට එළඹි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.