ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට

by Staff writer 06-10-2022 | 6:43 AM

COLOMBO (News 1st) - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කර තිබුණි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද සිදු කරන බව වාර්තා වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති තෝරා ගැනීම ද අද සිදු වේ.