22වැනි ව්‍යස්ථා සංශෝධන විවාදයට බාලගිරි දෝෂය

22වැනි ව්‍යස්ථා සංශෝධනය මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයකදී විවාදයට - කතානායක

by Staff writer 06-10-2022 | 12:58 PM

COLOMBO (News 1st) - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරයකදී විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ. 

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේ ය.

පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 18 වැනි දා ආරම්භ වේ.

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට මීට පෙර එකඟතාව පළ කර තිබුණි.