ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 06-10-2022 | 6:16 AM

1. අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න - කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ.

2. ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට.. - ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් වෙයි.

3. ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව කුසගින්නේ – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් - ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව අතර කුසගින්න සහ දුප්පත්කම පැතිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 

4. දුරකතන ගාස්තු යළි ඉහළට.. - ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

5. සනත් නිශාන්තට සිතාසි.. - අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කළේ ය.