කිඹුලාඇළේ ගුණාගේ සමීපතමයෙක් STF අත්අඩංගුවට

කිඹුලාඇළේ ගුණාගේ සමීපතමයෙක් STF අත්අඩංගුවට

by Staff writer 06-10-2022 | 9:49 AM

COLOMBO (News 1st) - විදේශගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සින්නයියා ගුණසේකර හෙවත් කිඹුලාඇළේ ගුණාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍ර‍ව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76ක් පොලීසිය භාරයට ගෙන තිබේ. 

43 හැවිරිදි සැකකරු ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.