හිටපු ජනපති මෛත්‍රී ගොනු කළ රීට් පෙත්සම සලකා බැලේ..

හිටපු ජනපති මෛත්‍රී ගොනු කළ රීට් පෙත්සම සලකා බැලේ..

හිටපු ජනපති මෛත්‍රී ගොනු කළ රීට් පෙත්සම සලකා බැලේ..

කර්තෘ Staff writer

06 Oct, 2022 | 5:45 pm

COLOMBO (News 1st) –  පාස්කු නඩුවක සැකකරුවෙකු ලෙස තමාව නම් කර කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට කැඳවීමෙන් නිකුත් කර ඇති නොතීසි නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 30 වැනිදා අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 10 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (06)තීරණය කළේ ය.  

එම නියෝගය නිකුත් කරනු ලැබුවේ, සෝභිත රාජකරුණා සහ දම්මික ගනේපල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම රිට් ආඥා පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය.  

මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ වින්දිතයෙකු හා සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබන 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමාට නොතීසි නිකුත් කර ඇති බව පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණයට පෙන්වා දී තිබුණි. 

පාස්කු ප්‍රහාර මාලාවට තමා‍ගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබී තිබියදීත්, එවකට රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ තමා රාජකාරි වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෞද්ගලික නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට කැදවීම යුක්ති සහගත නොවන කරුණක් මෙන්ම ස්වභාවිකයුක්ත ධර්මයට පටහැනි ක්‍රියාවක් වන්නේද පෙන්වා දෙමින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස කොටුව මහේස්ත්‍රාත් වරයා සහ  කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයේ  ලේකඛාධිවරිය නම් කර තිබේ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]