රාජ්‍ය ආයතන 3ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

රාජ්‍ය ආයතන 3ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 06-10-2022 | 6:50 AM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන කිහිපයක්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ය.

ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.