මිනුවන්ගොඩ තිදෙනෙකු ඝාතනය: තිදෙනෙකු අත්අඩංගුවට..

මිනුවන්ගොඩ තිදෙනෙකු ඝාතනය: තිදෙනෙකු අත්අඩංගුවට..

මිනුවන්ගොඩ තිදෙනෙකු ඝාතනය: තිදෙනෙකු අත්අඩංගුවට..

කර්තෘ Staff writer

06 Oct, 2022 | 3:05 pm

COLOMBO (News 1st) – මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු ගලේවෙළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

අනුරාධුපර 57 මාර්ගයේ බස්රථයක ගමන් කරමින් සිටියදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු අද උදෑසන මිය ගියේ ය. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]