ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

කර්තෘ Staff writer

06 Oct, 2022 | 6:16 am

1. අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න – කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ.

2. ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට.. – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් වෙයි.

3. ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව කුසගින්නේ – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් – ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව අතර කුසගින්න සහ දුප්පත්කම පැතිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 

4. දුරකතන ගාස්තු යළි ඉහළට.. – ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

5. සනත් නිශාන්තට සිතාසි.. – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]