පොලිස් ස්ථානාධිපතිවරුන්ට අභියාචනා දීමට අවස්ථාව

මැයි 9 ප්‍රහාර: ස්ථාන මාරුවීම් දුන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

by Staff writer 05-10-2022 | 6:19 AM

COLOMBO (News 1st) - මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ලබාදුන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙටිට්ආරච්චි මහතා සඳහන් කළේ, මැයි 9 ප්‍රහාර වළක්වා ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට චෝදනා එල්ල වූ බවයි.

මේ අතර නව පොලිස් ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇත.

ලේකම්වරයා සඳහන් කළේ, ලබන 10 වෙනි දායින් පසුව ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකුට පසුගිය දා ස්ථාන මාරුවීම් ලබා දී ඇත.